
(ෂේන් සෙනෙවිරත්න)
නක්ස් රක්ෂිතයේ පිහිටි ජෝඩු ඇල්ලේ දිය නෑමට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කළ පාසල් සිසුන් දෙදෙනකු එම දිය ඇල්ලෙන් පහළට වැටී බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව පන්විල පොලීසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ නකල්ස් දෙමළ මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය හදාරන බී. සල්ජිත් නමැති තවලන්තැන්න නකල්ස් වත්තේ පදිංචිකරුවකු සහ කේ. ඩිලෝන් නමැති එම වත්තේම පදිංචිකරුවෙකි.
නකල්ස් දෙමළ මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් පස්දෙනකු ඊයේ (22) සවස නකල්ස් ජෝඩු ඇල්ලේ දිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී මියගිය සිසුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී සිසුන් දෙදෙනා දිය ඇල්ලෙන් පහළට ඇද වැටී ඇති අතර එසේ ඇද වැටුන සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් සිසුවකු මොඩල්කලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර ජාතික රෝහල වෙත මාරු කර එවන අතරතුර ගිලන් රථය තුළදී මිය ගොස් ඇති අතර එම සිසුවාගේ මෘත ශරීරය කටුගස්තොට රෝහලේ තැන්පත් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd